උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
පැය 4ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත.
ඒ අනුව සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ශිරන්ති රාජපක්ෂට ඉකුත් 27 වන දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
එසේ වුවත් ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමාට එහි පෙනී සිටීම වෙනුවෙන් සති දෙකක සහන කාලයක් ලබාදෙන ලෙසයි.
එබැවින් ඇය අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.