වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...

Report

ඕනෑම නිවසක බහුලව සිදුවෙන පරිභෝජනයක් ලෙස බිත්තර පරිභෝජනය දක්වන්න පුළුවන්.

වෙළඳපොළෙන් බිත්තර රැගෙන ආවට පස්සේ බොහෝ දෙනා කරන දෙයක් තමයි බිත්තර ඇසිරීමට පෙර හොඳින් පිරිසිදු කිරීම.

මෙය සිදු කරන්නේ බොහෝ විට කුකුල් ජරාව (අශුචි) තැවරුණු බිත්තර පරිභෝජනය අහිතකර බව සිතලා.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

නමුත් එසේ බිත්තර සෝදා ආහාරයට ගැනීම නිසා ජීවිතය අවදානම පවා ඇති විය හැකි බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් බිත්තර මතුපිට කුකුල් අශූචි ගෑවිලා තිබෙන බව දක්නට ලැබුණත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කිරීමක් සිදුව නැති නිසා යම් පමණකට සැල්මොනෙල්ලා කියන කුකුල් අශූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා සිටිය හැකි බව පවසනවා.

මෙම ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතුපිට දින 54ක් වැනි කාලයක් ජීවත් විය හැකි බව සොයා ගෙන ඇත.

එසේ වුවත් කිකිළිය බිත්තර ජම්බාලියෙන් එළියට දමන විට බිත්තර කටුව වටා “bloom” නැමති ආරක්ෂක පටලයකුත් තැම්පත් වෙනවා.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

මේ නිසා ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා ඇති බව සොයා ගෙන තිබෙනවා.

එම හේතුව නිසා ව්‍යාධිජනක බැක්ටීරියා විශේෂ බිත්තරය තුළට යාම වැළකෙනවා.

එසේ තිබිය දී වැඩි ආරක්ෂාවට බිත්තර සේදු විට මුලින් කී ආරක්ෂක පටලය විනාශ වීම සිදු වෙනවා.

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

අවුරුදු 200ක් පරණ කොන්ඩම් එකක්...වැඩේ කියන්නේ එකේ ආට් එකකුත් තියෙනවා

එමඟින් සෝදපු ජලය බිත්තර කටුවෙහි අඩංගු වීම නිසා මිනිස් ඇසට නොපෙනෙන සිදුරු ඔස්සේ ඒ ජලය බිත්තරය තුළට ඇතුල් වීම සිදු වේ.

මෙම හේතුව නිසා වෙළඳපොළෙන් රැගෙන එන බිත්තර සෝදා ගැනීම නිර්දේශ නොකරයි.

එසේ සේදූ විට බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන බව ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් තමයි කැඩුණු හෝ පුපුරපු බිත්තර කෑමට ගැනීමෙන් වළකින්න උපදෙස් දෙන්නේ. 

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්