මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

Report

මේ දිනවල පවතින කාලගුණික තත්වය වෙනස්වීමක් හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසක් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වන බවට අනාවරණය විය.

සමස්තයක් ගත්විට ලෝකය පුරාම මෙම තත්ත්වය පවතින අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළද එය නිරීක්ෂණය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ගෝලීය වශයෙන් හටගෙන ඇති දේශගුණික වෙනස්කම් නිසා අපේ රටේද හිටි හැටියේ ඇතිවන ඇතැම් කාලගුණික වෙනස්කම් නිසා සෘජුව හා වක්‍රව පුද්ගලයන් මානසික වශයෙන් විවිධ පීඩාවන්ට මුහුණ දී සිටින බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ නිසා ඇතැම් විට අනපේක්ෂිත ස්ථානවල, අනපේක්ෂිත වේලාවල්වල සිදුවන ගංවතුර හා නායයෑම් නිසා පුද්ගලයන්ගේ වගාවන්ට ඇතිවන හානි, එමගින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ඇති කරන බලපෑම මත පුද්ගලයන් විශාදය, ආතතිය වැනි මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

එමෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා දිගුකාලීනව හිරු එළියට නිරාවරණය වන පුද්ගලයන් තුළද මානසික රෝගී තත්ත්වයන් වැඩි වීමක් පවතින බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

එම නිසා අද වන විට ලොව තරුණ පිරිසෙන් සියයට 60 වැඩි පිරිසක් ආතතියට හා විශාදයට ගොදුරු වී ඇති බවද පෙන්වා දුන්නේය.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ලොව පුරාම මෙවැනි තත්ත්වයන් විවිධ පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළද මේවා අඩු වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය නිරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් ඔහු පැවසීය.