දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනිඅවි නඩුවෙන් මුදා හැරීම

Report

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත.

මෙම නඩුව අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය විසින් සඳහන් කර ඇත්තේ, මෙම නඩුවට අදාළව සෘජු හෝ පරිවේෂණීය සාක්ෂි නොමැති බැවින් හිටපු මන්ත්‍රීවරයාව නිදහස් කිරීමට නියෝග කරන බවයි.

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

ඉන්දියන් සාගරේ භූකම්පනයෙන් කැළඹේ, මුළු ලංකාවටම දැනුම්දීමක්

පසුගිය මැයි මස 23 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා රන් ආලේපිත ටී 56 ගිනිඅවියේ හිමිකාරිත්වය සම්බන්ධ විමර්ශනවلට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

එහිදී, හිටපු මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව, පසුගිය ජුලි 14 වැනිදා ඔහු ඇප කොන්දේසි මත මුදා හැරිණි. එම ඇප කොන්දේසි යටතේ ඔහු නඩු විභාගයට පෙනී සිටි අතර, අද දින එම නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත.

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

මෙම රන් ආලේපිත ටී 56 ගිනිඅවිය හැව්ලොක් සිටිහි පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ගබඩාවක තිබී හමුවූ අතර, එහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී හිටපු මන්ත්‍රීවරයාගේ නම ඉදිරියට පැමිණ තිබුණි. කෙසේ වෙතත්, අධිකරණයේදී ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රමාණවත්භාවය හා සෘජු සම්බන්ධතාවයක් නොමැති වීම හේතුවෙන් ඔහු මුදා හැරීමට තීරණය වූ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෙම නඩුවට අදාළ ඉදිරි විමර්ශන පිළිබඳව තවදුරටත් පොලිසිය විසින් පරීක්ෂා කරනු ඇති අතර, ගිනිඅවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් වෙනත් සැකකරුවන් හඳුනාගැනීමට උත්සාහ කරන බවද වාර්තා වේ.

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්

දරුවන්ට කිරි නෙවෙයි.. විෂ? - කෝටි 18ක බහලුම් සීල්