මේනිලධාරීන් හෙට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය
හෙට (27) සිට ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක්, එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් මෙම තීරණය ප්‍රකාශිත කර ඇත.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විශාල ආපදා ව්‍යවස්ථාවෙන් දින 93ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව සේවය කරමින් රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකයන් ලෙස කටයුතු කළහ.
තවද, ආපදා කටයුතුවලට අදාළ වන්දි හා ප්‍රතිපූර්ණ ගෙවීම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී තාක්ෂණික නිලධාරීන් ක්ෂේත්‍ර මට්ටමින් විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් නිවේදනයේ සඳහන් වේ.
ඒවාට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානය යොමු නොකිරීම හේතුවෙන්, ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සංගම් තීරණය කළ බවද නිවේදනයේ අවධාරණය කර ඇත.