ඇය මට වඩා අවුරුදු 10කින් වැඩිමල්. විවාහ වන විට එක් දරු මවක් - දිනේෂ් තරංග කියූ සංවේදී කතාව (PHOTOS)
දිනේෂ් තරංග කිව්වම මුළු ලංකාවම ඔහුව හදුනන්නේ ආදරණීය ගායකයෙක් ලෙසයි.ඒවගේම තමයි ඔහුගේ විවාහයත් සමග මුළු රටේම කතාබහටත් ලක් වුනා.
නමුත් ඔහු , බිරිද හා පවුලේ අය එක්ක ඉතාමත් ආදරණීය විදියට ජීවිතය ගත කරනවා අපිට දකින්න ලැබෙනවා.පසුගිය දිනයක ඔවුන්ගේ වැඩීමල් දියණියගේ 17 වෙනි උපන් දිනය ජයටම සමරපු ආකාරය අපි ඔයාලට ගෙන ආවා
.ඉතින් ඒ උත්සවයත් සමග නැවතත් දිනේෂ් තරංගගේ ගැන බොහො දෙනා කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දේකටම උත්තර දෙමින් දිනේෂ් තරංග ඔහුගේ මුහුණු පොතේ ඉතා සංවේදී සටහනක් තබමින් මේ ආකාරයෙන් කියා තිබුනා.මේ ඒ සටහනයි.
මේ පළවෙනි ඡායාරූපයේ ඉන්නේ මීට අවුරුදු 11කට කලින් 2011දී, කොළේක අත්සන් කරපු පිරිමියෙකුයි ගැහැනියකුයි.2011දී ඒ පිරිමියට අවුරුදු 21යි.ගැහැනිය අවුරුදු 30ක එක්දරු මවක්.දෙවෙනි ඡායාරූපය 2021දී ගත්ත එකක්.
ඒ කියන්නේ අද! ඒ දෙන්නා මහ ගොඩක් බාධක මැද්දේ.ඒත් කිටිකිටියේ අත් තදින් අල්ලන් තවමත් එකම පාරක ගමනේ.ඒ ගැහැණිය වැහැරුනෙත්, ඒ පිරිමියා දවසින් දවස බැබලුනෙත් “ආදරය” සහ “දරාගැනීම” නිසාමයි..
කවි ලිව්වට කමක් නැහැ.පද දැන ගලපලා!සහතික දුන්නට කමක් නැහැ. සම්මතයේ ඔබ පිහිටලා!සිත් රිදවූ සැම සුවපත් වේවා! කියලයි ඔහු ඒ සටහනේ පළ කරලා තිබුනේ.