ඉහළ පොලිස් පුටුවකට නව පත් කිරීමක්..
By Piyumika
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද (20) සිට පත් කර තිබෙනවා.
එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
එහිදී ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව පත් කර තිබෙනවා.
You may like this video