ඔයත් රිවස්ටන් යන්නද හිටියේ..මෙන්න රිවස්ටන් එන අයට දැනුම්දීමක්..

By Piyumika Jan 20, 2025 06:04 AM GMT
Report

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතුවෙන් ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස්‍ රථවලින් පැමිණීමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ධාවනය යථාතත්වයට..

සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ධාවනය යථාතත්වයට..

මෙම සාකච්ජාවේදී අනාවරණය වූ තොරතුරු අනුව රිවස්ටන් මාර්ගයේ වාහන දෙකකට මාරුවිය නොහැකි පටු වංගු 07 ක් තිබෙන අතර එවැනි වංගුවලදී විශාල ප්‍රමාණයේ බස්‍ රථවලට මාරු වීමට නොහැකි බැවින් මෙම තදබදය උග්‍ර වී තිබේ.

මෙම තත්ත්වය පාළනය කිරීම සදහා තාවකාලික පියවරක් වශයෙන් සති අන්ත දිනවල ආසන 54/57 බස් රථ පැමිණීම හැකිතාක් දුරට වැලැක්වීමට මෙම පියවර ගෙන තිබේ.

ඇතැම් අවස්ථාවල මෙසේ පැමිණෙන බස් රථ සහ වෙනත් වාහන පිටවල පතන ප්‍රදේශයේ ගාල් කොට තිබෙනු දැකිය හැකි බවත් එය මේ ප්‍රදේශයේ ජෙව විවිධත්වයට ද අහිතකර ලෙස බලපා තිබෙන බව ද මෙහිදී හෙළිවිය.

මාළු ඇල්ලීමට ගිය පිරිස බියපත් කරමින් දැලට අසු වූ දේ...

මාළු ඇල්ලීමට ගිය පිරිස බියපත් කරමින් දැලට අසු වූ දේ...

විශේෂයෙන්ම පිටවල පතනට ආවේනික ගල්පර මැඩියා සහ මාංශ භක්ෂක ශාඛ විශේෂ රැසකට ද මේ තත්ත්වය තර්ජනයක් වී තිබේ.

එබැවින් පෙබරවාරි මාසයේ සිට සති අන්ත දිනවල ආසන 54, 57 බස් රථ මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වලකින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටීමට අදාල කිමිටුව තීරණය කර තිබේ.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉහත ප්‍රමාණයේ කිසියම් බස් රථයක් එකී දිනවල පැමිණිය හොත් මාර්ගය එක් පසෙකට ලෙස සළකා ලග්ගල ඇලහැර නාඋල ඔස්සේ රිවස්ටන් කලාපයෙන් බැහැරවෙන ලෙස ද ඉල්ලා සිටී.

You may like this video