ජනපති චන්දෙට කලින් ඩයස්පෝරාව හම්බෙලා- මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

අද පැවති පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රමනාතන් අර්චුනා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදු කර තිබෙනවා.

ඔහු පැවසුවේ,

"උතුරේ ඉන්න ජනතාවට අපි කිව්වා ප්‍රභාකරන්ගේ පිළිමයක් හදනවයි කියලා. ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රභාකරන්ට ගහපු සින්දු තියෙනවා.ඕනෙනම් පෙන්නන්නම්, ප්‍රභාකරන්ගේ අම්මගේ නමට ජැටියක් හදනවයි කිව්වා.මට වෙඩි වැදුනත් කමක් නෑ.මම මේ කතාව කියනවා.ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහින් ඩයස්පෝරාව හම්බුනා.එහෙම හම්බෙලා මේ රටේ කරන්නම් කියලා ගොඩක් පොරොන්දු දුන්නා. 2009 ට කලින් ගෙන්නන්න හදපු තායිලන්තයේ කන්ටෙයිනර් වල ප්‍රභාකරන්ගේ අවි ආයුධ තිබුණා.ඒ කන්ටෙයිනර් කුමරන් පද්මනාදන් හරහා මේ වෙනකොට ගෙන්නල්ලා තියෙනවා...."

ආදී ලෙසයි.

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)