තීරණාත්මක මොහොතේ නායක ධනංජය ද සිල්වාගෙන් විශිෂ්ට අර්ධ ශතකයක් [LIVE VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක පස්වන දිනය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
එහිදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර, ඔහු මේ වනවිට නොදැවී ලකුණු 54ක් ලබා සිටී.
ඔහු සමඟ නොදැවී පන්දුවට පහරදෙමින් සිටින සොනාල් දිනූෂ ලකුණු 43ක් ලබාගෙන සිටී.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටී.
ඒ අනුව, තරගයේ ඉදිරි ප්‍රතිඵලය තීරණය කිරීම සඳහා මෙම පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.