දෙවුන්දර සිද්ධීයේ තවත් සැකකරුවෙක් පොලිස් දැලේ

Sri Lanka Police Gun Shooting Sinhala news
By Dilasha Mar 25, 2025 02:10 AM GMT
Dilasha

Dilasha

Report

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පෙරේදා(23) ගන්දර පොලිස් වසමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා සිදු කළ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය හා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 


අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ

ReeCha