අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කරන ලදි.
සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන් වනවා.