පොලිසිය දේශබන්දු සොයා ගෙවල් පීරයි

By Gagana News Mar 01, 2025 09:29 AM GMT
Report

2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝගයක් නිකුත් කරන ලදී.

එම නියෝගය ප්‍රකාරව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කොට තිබෙන අතර ඔහු රැදී සිටින බවට වාර්තා වූ නිවාස 4ක් ඊයේ දිනයේ පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහෙත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විමර්ශන කණ්ඩායම් පැමිණෙන විට එම කිසිඳු ස්ථානයක නොසිටි බව වාර්තා වේ.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව යටතේ එම නියෝගය නිකුත් කොට ඇති අතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත