ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.

Sri Lanka Police Parliament of Sri Lanka Dinesh Gunawardena Government Of Sri Lanka Deshabandu Tennakoon
By Wayomi Jul 26, 2024 04:47 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස්පතිවරයාගේ ධූරය අත්හිටුවීමට අධිකරණයට කිසිදු බලයක් නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ, අනුව තවදුරටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් පමණක් බවයි ඔහු කියා සිටියේ.

පොලිස්පති පුටුව ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශය. - (LIVE VIDEO)

පොලිස්පති පුටුව ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශය. - (LIVE VIDEO)


එමෙන්ම නව පොලිස්පතිවරයෙක් වැඩ බැලීමට සඳහා පත් කරන්නයි ජනාධිපතිවරයාට නියෝග කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නැති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඒ, අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනපති තැති ගැනීමක? - පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ජනපති තැති ගැනීමක? - පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න.


මේ අතර පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති පසුබිමක නව පොලිස්පතිවරයෙක් වැඩ බැලීමට පත්කිරීමටද ජනාධිපතිට හැකියාවක් නැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා මැදිහත්වීමට හෝ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බවත් මේ හේතුවෙන් පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කරන වාරණ නියෝගය වලංගු නොවන බවද ඔහු කියා සිටියා.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?