දේශබන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ
පහුගිය 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ රිට් පෙත්සම, විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීරණය කළේය.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පසුගිය 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බලන ලද අතර, එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
