බුකිය රත්කළ මෝටර් රථ අනතුර සිද්ධියේ දෙපාර්ශවය සමතයකට!

Shehan
Report this article
පසුගිය සිකුරාදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ධාවනය කළ මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය සමතයකට පත් වී ඇතැයි පොලීසිය පවසයි.
මුල්ලේරියාව, අඹතලේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන කොළඹ දෙසට ධාවනය කරමින් සිටින අතරතුර, එම යතුරු පැදියේ පිටුපසට මෝටර් රථයේ ඉදිරිපස ගැටී තිබේ.
මෝටර් රථය නතර නොකර ධාවනය කරන විට, යතුරු පැදිකරු මෝටර් රථය ඉදිරියට යාම වළක්වමින් සිය යතුරු පැදිය ධාවනය කර නතර කිරීමට උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
කොටිකාවත්ත මංසන්ධිය ආසන්නයේදී යතුරු පැදියට පිටුපසින් ආ මෝටර් රථය නැවත ගැටීමකට ලක් වූ අතර, එහිදී යතුරු පැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවකගේ පාදයේ වළලුකර ප්‍රදේශය තැලීමකට ලක් වී ඇතැයි පොලීසිය පැවසීය.
අනතුරුව, යතුරු පැදිකරු මෝටර් රථය නවත්වා පොලීසියට දුරකතනයෙන් සිද්ධිය දැනුම් දී, එය තම ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති අතර, එම වීඩියෝව සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් විය.
පසුව, දෙපාර්ශවය අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමතයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙම මෝටර් රථය ධාවනය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
