පළාත් පාලන පනත් සංශෝධන අවසන් අදියරේ – තවත් පනත් 7කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Report

මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන පළාත් පාලන පනත් 03 හි සංශෝධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඊට අමතරව පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ තවත් පනත් 07ක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මාස කිහිපයේ ඉඩ ගිය රන්මිලේ අද මිල මෙන්න - සැබෑ වෙනසක් පෙන්වූ රත්තරන්

මාස කිහිපයේ ඉඩ ගිය රන්මිලේ අද මිල මෙන්න - සැබෑ වෙනසක් පෙන්වූ රත්තරන්

යල්පැන ගිය නීතිමය කරුණු සහිත පනත් වර්තමාන සමාජ සහ පරිපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීකරණය කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණයි. මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පළාත් පාලන ආයතන නිලධාරීන් සඳහා පැවැති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මහජනතාවට සමීපතම රාජ්‍ය පාලන මට්ටම ලෙස පළාත් පාලන ආයතන මඟින් මහජන සේවා සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉටුකරනු ලබයි. එම කාර්යයන්හිදී සභා පරිපාලනය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නීතිමය රාමුව තුළ මතුවන අභියෝග හඳුනාගෙන, ඊට ප්‍රායෝගික විසඳුම් ලබාදීමට ආයතන ප්‍රධානීන්ගේ සහ නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩමුළු මාලාවේ අරමුණ වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවට ආදර්ශ සභා පවත්වාදැක්වීම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සාකච්ඡා සහ දේශන ඇතුළත් විය.

“ලක්ෂ තුනටත් හිරේ යන තත්ත්වයක් තියෙන්නේ” - රාජිතගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

“ලක්ෂ තුනටත් හිරේ යන තත්ත්වයක් තියෙන්නේ” - රාජිතගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

මෙහිදී සභා රැස්වීම් පැවැත්වීම, තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම, කාරක සභා කටයුතු, ප්‍රසම්පාදන මූලධර්ම, නීති රෙගුලාසි ප්‍රායෝගිකව භාවිත කිරීම මෙන්ම දෛනික පරිපාලන ගැටලු පිළිබඳව විවෘතව අත්දැකීම් හුවමාරු කරගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.

මේ හරහා පළාත් පාලන ආයතන තුළ කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ නීත්‍යානුකූල පරිපාලනයක් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.