ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් - දිවා කාලයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

ප්‍රදේශ කිහිපයකට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වේ.

ඒ අනුව, එම පළාත් හා දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් අදාළ ප්‍රදේශවල ජනතාව දිවා කාලයේ පවතින අධික උණුසුම සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට