කොළඹ චීන ජාතිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

By Mithu Sep 06, 2026 10:43 AM GMT
Report

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනය කරනු ලබන චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා අද (අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මීට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක රැඳවුම් නියෝගයක් පොලිසිය ලබාගෙන තිබූ අතර, එම කාලසීමාව අවසන් වීමෙන් පසු සැකකරු මෙලෙස යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව, ඝාතනය සිදුවූ ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් ඝාතනයට යොදාගත්තේ යැයි සැකකෙරෙන පිහියක්ද සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

“22 වැනි සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක්” - 22 වැනි සංශෝධනය ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්

“22 වැනි සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක්” - 22 වැනි සංශෝධනය ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්