ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ශ්‍රී ලංකාවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා එළඹෙන 08 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මෙම සංචාරයේදී දෙරට අතර ආරක්ෂාව සම්බන්ධ අවබෝධතා ගිවිසුම් 03කට අත්සන් තබනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරයේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදුකිරීමට නියමිතය.
එහිදී විශේෂයෙන්ම ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවේ ආරක්ෂක සහකාරිත්වය පුළුල් කිරීම අරමුණු කරගනිමින් වසර 10ක "රක්ෂා" ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික මාර්ග සිතියම එළිදැක්වීමෙන් පසුව, රාජ්නාත් සිං මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.