යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් ආපසු හරවන්නේ නෑ - ජනපති

Report

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු නොහරවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් - දිවා කාලයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් - දිවා කාලයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වල තීන්දුව නුදුරේදීම ලැබීමට නියමිත බවත්, එම තීන්දුව ලැබුණු වහාම සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

"අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.

මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්. ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා. අපිට මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ."

කොළඹ චීන ජාතිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ චීන ජාතිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට