ලංකාව හා මේ රට අතර සෘජු ගුවන්ගමන් වට රැසක් ළඟදීම - නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වේ
By Mithu
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා එළැඹෙන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීමට රුසියාවේ 'Azur Air' ගුවන් සේවය තීරණය කර තිබේ.
ඒ අනුව රුසියාවේ ගුවන්තොටුපොළවල් 5ක සිට ශ්‍රී ලංකාව දක්වා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට අමතරව 'Aeroflot' සහ 'S7 Airlines' ගුවන් සේවාවන් ද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටී.
මේ අතර, වසර 11කට පසුව බ්‍රිතාන්‍යයේ 'British Airways' ගුවන් සේවය ද ලබන මාසයේ සිට ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. වාර්තා වන පරිදි ඔක්තෝබර් 23 වනදා සිට බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන්තොටුපොළ සහ කොළඹ අතර මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇත.