“මේ බලය නිර්මාණය කළෙත් ජනතාවයි, මේ බලය ආරක්ෂා කරන්නෙත් ජනතාවයි, මේ බලය ඉදිරියට ගෙන යන්නෙත් ජනතාවයි” – ජනපති බුලත්සිංහලදි සපථ කරයි

Report

“අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” යන තේමාව යටතේ අද (06) බුලත්සිංහල පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, 2024 සැප්තැම්බර් 21 වැනිදා ජනතාව නිර්භීත තීන්දුවක් ගනිමින් දීර්ඝ කාලයක් රට මාරුවෙන් මාරුවට පාලනය කළ දේශපාලන කඳවුරු පරාජයට පත් කර ජාතික ජන බලවේගයේ නායකත්වයට රට භාරදීමට තීරණය කළ බවයි. එමෙන්ම පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව කටයුතු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“මොනවා තිබිලද? අපි සතුව මුදල් බලය තිබිලා නෙමෙයි. ඉස්සර ආණ්ඩු හදනවා මුදල් විසි කරලා. එහෙම නෙමෙයිද? තව ආණ්ඩු හදනවා මාධ්‍ය උපයෝගි කරගෙන. අපිට එහෙමම තිබුණේ නැහැ නේද? තව ආණ්ඩු හදනවා බලය උපයෝගී කරගෙන. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුවා මේ රටේ ජනතාව ඉදිරියට ඇවිල්ලා, තමන්ගේ බලය නියෝජනය කරමින් ආණ්ඩුවක් හදලා තියෙනවා. ඇයි එහෙම ආණ්ඩුවක් හැදුවේ? දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් රටකට විය හැකි සියලුම පන්නයේ විනාශ සිදු කරලා තිබුණා. සියලුම පන්නයේ. කිසිවක් ශුද්ධ වූ, කිසිවක් ඉතිරි නොවන තරමට සියල්ල විනාශ කරලා තිබුණා. ජනතාව පාරට ආවා, කෑ ගහන්න පටන් ගත්තා. පාලකයන්ට පැනලා යන්න සිද්ධ වුණා. ඇයි ලංකාවේ එහෙම ඉතිහාසයක් තිබුණද? ජනතාව පාරට බැහැලා පාලකයෝ පලවා හැරියේ ඇයි? රටකට විය හැකි සියලුම පන්නයේ විනාශයන් සිද්ධ වෙලා. ඒ නිසා මේ ජනතාව අපේක්ෂා කළා ජාතික ජන බලවේගයේ අප වෙත නේද බලය දීලා, මේ සමස්ත විනාශය වෙනස් කරලා අපේ රට හොඳ දිශාවකට යොමු කළ යුතුයි කියලා. එහෙම අපේක්ෂාවක් තිබුණා. එහෙම නෙමෙයිද? පෞද්ගලිකව දෙයක් අපේක්ෂාවෙන්ද? හැමදෙනාම අපේක්ෂා කළා අපේ දූ දරුවන්ට මීට වඩා හොඳ රටක්, අනාගතයක් වෙනුවෙන් හදන්න ඕනෑ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. දැන් හදලා කොච්චර දවස්ද? අවුරුදු දෙකට කිට්ටු වෙනවා. මේ සැප්තැම්බර් විසි එකට දැන් අපි ආවේ. මේ සැප්තැම්බර් විසි එකට අවුරුදු දෙකක් පිරෙනකොට මේ බලය නිර්මාණය කළෙත් ජනතාව, මේ බලය ආරක්ෂා කරන්නෙත් ජනතාව, මේ බලය ඉදිරියට ගෙනියන්නෙත් ජනතාව කියලා දැඩි විශ්වාසයක් අපිට තියෙනවා.”

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ රැළිය බුලත්සිංහලෙන් ඇරඹේ [LIVE

භූතාන සංචාරය නිමා කළ අගමැතිනි හරිනි යළි දිවයිනට පැමිණෙයි

භූතාන සංචාරය නිමා කළ අගමැතිනි හරිනි යළි දිවයිනට පැමිණෙයි