රෝගය තව තවත් දරුණු වෙමින් මරණ 47 දක්වා ඉහළට - පාසල් විශ්වවිද්‍යාලත් වහන තත්ත්වයට?
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, ජූලි මාසයේ ගතවූ පළමු දින නවය (09) තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ඊයේ (10) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,110 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයකම ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බැවින්, රෝහල් පද්ධතිය තුළ දැඩි පීඩනයක් සහ රෝගී තදබදයක් නිර්මාණය වී ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්
එමෙන්ම රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ අගයක පවතින අධි අවදානම් කලාපවල පිහිටි රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම වෘත්තීය පුහුණු ආයතන අවම වශයෙන් සති දෙකකට ආසන්න කාලයක් වසා දමා අදාළ පරිශ්‍රයන් පිරිසිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල දැඩි අවධානය යොමු විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.