නාවික හා ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්
By Hashini
හෙට පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු විය හැකි අතර පැයට කිලෝමීටර 55 - 65 අතර තද සුළං ඇතිවිය හැකි බවයි.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.