ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි
ජාත්‍යන්තර මාධ්‍ය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයකට ලක් කරමින්, එරට කොංග්රස් මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල වන සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකෙහිම පාලන බලය අත්පත් කර ගැනීමට විපක්ෂ ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති බවයි.
නවතම නිල මැතිවරණ ප්‍රතිඵල සහ ප්‍රක්ෂේපණයන්ට අනුව, මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාවේ ආසන 52ක් දිනා ගනිමින් ඩිමොක්රටික් පක්ෂය එහි බහුතර බලය තහවුරු කරගෙන ඇත.
ලෝකයම සලිත වෙයි - න්‍යෂ්ටික පිපිරීමක් වුණොත් බේරෙන්න ඉරානයෙන් උපදෙස් දෙයි - රාජ්‍ය රූපවාහිනියේම විකාශය කරයි
ඒ අනුව, මීට පෙර රිපබ්ලිකන්වරුන් සතුව පැවති ආසන 6ක්ම සිය පක්ෂය වෙත හරවා ගැනීමට ඩිමොක්‍රටික්වරුන් සමත්ව ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ආසන 40ක් පමණි.
එසේම, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමස්ත ආසන 435න් මේ වන විට ගණනය කර අවසන් කර ඇති ආසන 302ක ප්‍රතිඵල අනුව, ඩිමොක්රටික් පක්ෂය ආසන 192ක් ජයග්‍රහණය කරමින් සභාවේ බහුතරය පිහිටුවීමේ ජයග්‍රාහී සීමාව (ආසන 218) ඉක්මවා යන බවට ජාත්‍යන්තර පුවත් සේවා තහවුරු කර ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ද රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ ආසන 14ක් උදුරා ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති අතර, රිපබ්ලිකන් පක්ෂය සීමා වී ඇත්තේ ආසන 110කට පමණි.
මෙම දැවැන්ත මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කෙරෙහි ඇමෙරිකානු ඡන්දදායකයන් ලබාදුන් සෘජු විරෝධතාමය තීන්දුවක් ලෙස සැලකේ. නමුත් අමෙරිකානු කොංග්‍රසයේ බලය ඩිමොක්රටික් පක්ෂය අතට පත්වීමේ පසුබිමක, තමන් විරුද්ධ වන නීති සම්පාදනයන් අවහිර කිරීම සඳහා ජනාධිපති ධුරයේ නිෂේධ බලය (Veto Power) භාවිත කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 'VETO' යන වචනය සඳහන් රතු පැහැති තොප්පියක් දක්වමින් ට්‍රම්ප් මෙම පණිවිඩය ලබාදී ඇති බවයි. ඩිමොක්රටික් පක්ෂය තමන් එකඟ නොවන පනත් ඉදිරිපත් කළහොත් ඒවා නිෂේධ කිරීමට පියවර ගන්නා බව Fox News වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි
දිගින් දිගටම පනත් නිෂේධ කිරීමට සිදුවුවහොත් අවසානයේ ඩිමොක්රටික් පක්ෂයට තමන් සමග සාකච්ඡා මේසයට පැමිණීමට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසුව ඩිමොක්රටික් පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු දැනටමත් තමන් සම්බන්ධ කරගෙන ඇති බව ට්‍රම්ප් අනාවරණය කර ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර ඉදිරි දේශපාලන එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වීමේ හැකියාවක් පවතින බවයි ඔහුගේ ප්‍රකාශයෙන් ඇඟවෙයි.