ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

Report

පෞද්ගලික බැංකුවක නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු කළ දුරකථන ඇමතුමකට රැවටීමෙන් 70 හැවිරිදි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 4.6ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට කරුණු වාර්තා වී ඇත.

බදු ගණනය කිරීමේ කටයුත්තක් සඳහා බැංකුව වෙනුවෙන් කටයුතු කරන බව පවසමින් තම පියාට පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව වෛද්‍ය අමිල ප්‍රනාන්දු මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත.

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ඔහු සඳහන් කරන්නේ එහිදී බැංකු තොරතුරු සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) ඉල්ලා ඇති අතර, එය වංචාවක් බව නොදැන තම පියා එම තොරතුරු ලබාදී ඇති බවයි.

ඒ හේතුවෙන් ගිණුමේ තිබූ රුපියල් මිලියන 4.6ක මුදල අහිමි වී ඇති බවද ඔහු පවසා ඇත. වෛද්‍ය අමිල ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බැංකු නිලධාරියෙකු සමඟ කළ සාකච්ඡාවකදී එම සතිය තුළම මෙවැනි තවත් සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව දැනගැනීමට ලැබුණු බවයි.

පෙට්‍රල් මිල 40%කින් ඉහළට - යුද්ධය නිසා තෙල් මිල අහසට

පෙට්‍රල් මිල 40%කින් ඉහළට - යුද්ධය නිසා තෙල් මිල අහසට

බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන මෙවැනි දුරකථන වංචා සම්බන්ධයෙන් විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් අවධානයෙන් සිටිය යුතු බවද ඔහු ජනතාවට දැනුම් දෙයි.

බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතන දුරකථනයෙන් OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලා නොසිටින බව සිහිපත් කර ඇත. සැක සහිත ඇමතුමක් ලැබුණහොත් එය වහාම විසන්ධි කර, බැංකුවේ නිල දුරකථන අංකයක් ඔස්සේ සෘජුවම සම්බන්ධ වී තොරතුරු තහවුරු කරගන්නා ලෙසද ජනතාවට උපදෙස් දී ඇත.

ලාංකිකයන්ට කොරියාවේ රැකියා අධ්‍යාපනය හා ස්ථිර පදිංචිය - අලුත්ම ගිවිසුමක් අත්සන් කරයි

ලාංකිකයන්ට කොරියාවේ රැකියා අධ්‍යාපනය හා ස්ථිර පදිංචිය - අලුත්ම ගිවිසුමක් අත්සන් කරයි