ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා කොමාණ්ඩර් සමීර සමරකෝන්ගේ දේහය දිවයිනට

Report

ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන විත් තිබේ. 'BIMSTEC-2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ කොමාණ්ඩර් සමීර සමරකෝන්, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(02) දින අභාවප්‍රාප්ත විය.

ඒ අනුව, ඔහුගේ දේහය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර ඇතුළු කාර්‌යය මණ්ඩලය විසින් සහ ඉන්දීය නාවික හමුදාව විසින් අවසන් ගෞරවාචාර සිදුකිරීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ දින දිවයිනට රැගෙන එනු ලැබීය.

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

2006 දෙසැම්බර් මස 14 වන දින, 45 වන ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ කොමාණ්ඩර් සමීර සමරකෝන්, මූලික පුහුණුව සාර්‌ථකව නිම කිරීමෙන් අනතුරුව, 2008 දෙසැම්බර් මස 14 වන දින උප ලුතිනන් නිලයේ අධිකාරියට පත්විය.

එතැන් සිට නාවික හමුදාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු ලෙස විවිධ නෞකා සහ ආයතනයන්හි රාජකාරි ඉටු කළ ඔහු, සිය සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2024 අප්‍රේල් මස 01 වන දින කොමාණ්ඩර් නිලයට උසස්වීම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිලධාරියෙකු විය.

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් ගොඩබිමට

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් ගොඩබිමට

තවද, කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.