බෝම්බ තර්ජන මාලාවක් නිසා ගුවන් ගමන් අත්හිටුවයි - ලෝකයම උණුසුම් කරමින් මතු වූ පුවත

Report

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ යුරෝපයේ ගුවන් ගමන් කිහිපයකට එකවර එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් හදිසි සෝදිසි කිරීම් සිදු කිරීමටත්, පෝලන්තයේ වෝර්සෝ (Warsaw) අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපොළක කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර ඇති බවයි.

එමෙන්ම, එම වාර්තාවේ සඳහන් වෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි ගුවන් යානයකට ආරක්ෂාව සපයමින් රෝමය වෙත කැටුව යාමට ඉතාලි ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යෙදවීමට ද සිදුව ඇති බවයි.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

බලධාරීන් තහවුරු කළ පරිදි, අවම වශයෙන් ගුවන් යානා 7කට සහ ඊශ්‍රායලය බලා ගමන් කරමින් තිබූ මගී නෞකාවකට (Cruise Ship) මෙලෙස බොම්බ තර්ජන එල්ල වී ඇත.

කෙසේ වෙතත්, අදාළ සියලුම ගුවන් යානා සුරක්ෂිතව ගොඩබස්වා ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලදී කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමු වී නැති අතර මෙම ව්‍යාජ තර්ජන හමුවේ Ryanair, Wizz Air, Scandinavian Airlines (SAS) සහ පෝලන්තයේ LOT යන ගුවන් සේවාවලට බාධා එල්ල වී ඇත.

ලාංකිකයන්ට කොරියාවේ රැකියා අධ්‍යාපනය හා ස්ථිර පදිංචිය - අලුත්ම ගිවිසුමක් අත්සන් කරයි

ලාංකිකයන්ට කොරියාවේ රැකියා අධ්‍යාපනය හා ස්ථිර පදිංචිය - අලුත්ම ගිවිසුමක් අත්සන් කරයි

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ Ryanair ගුවන් සේවයට වන අතර, විවිධ ගමනාන්ත වෙත පියාසර කරමින් තිබූ එහි ගුවන් යානා 4කටම මෙලෙස තර්ජන එල්ල වූ බවයි.