දෙහිවල කැළඹෙයි - නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඒ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රී 11.45ට පමණ මෙය සිදුව ඇති බවයි. එසේම අත්බෝම්බය නිවසේ ගේට්ටුවෙන් ඇතුළට දමා අදාළ සැකකරුවන් පලාගොස් තිබෙන බව වාර්තා වේ.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
එමෙන්ම අත්බෝම්බය පුපුරා යෑමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකකට සහ විදුරුවලට හානි සිදුව ඇති අතර, ජීවිත හානි සිදුව නොමැති බව පවසයි.
මෙසේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ තරිදු රවිෂාන් යන අය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියාන්සේලාගේ අවිෂ්ක ඒෂාන් යන අයගේ මිතුරෙකු බවත්, මත් ජාවාරම්කරුගේ අනුගාමිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු බවටත් තොරතුරු හෙළි වේ.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කොහුවල පොලිස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර එය සිදුවන විට එම නිවසේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණක් බව ද වාර්තා වේ.