සියලුම විශ්වවිද්‍යාලවල කටයුතු අඩාළ වෙයි - ලබන සතියට තවත් රතු එළියක්

Report

විශ්වවිද්‍යාල පද්ධතියේ කලක සිට පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊයේ (09) දින දීප ව්‍යාප්තව පැවැත්වූ එක්දින සංකේත සරසවි ඇදුරු වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාලවල කටයුතු අඩාළ වූ බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (09) සියලුම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු, විභාග කටයුතු සහ ආචාර්යවරුන් සම්බන්ධවන සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළා.

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

එමෙන්ම ඔහු කියා සිටියේ වර්තමානය වන විට විශ්වවිද්‍යාල තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරිය ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ලිඛිතව දැනුම්දී ඇති බැවින් මෙම දින කිහිපයේදී එම ඉල්ලීමට ලැබෙන පිළිතුර අනුව එළැඹෙන සතියේදී නැවත වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම එක්දින සංකේත වැඩ වර්ජනයට සමාමීව ඊයේ (09) දින ඇතැම් විශ්වවිද්‍යාල ඉදිරිපිට නිහඬ විරෝධතා ද පවත්වා තිබුණා.  

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි