සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි
අද දින(10) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.
එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.