මොරටුව හොල්ලමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය
මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී අද (9) රාත්‍රී 7ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
කෙසේ නමුත් මෙම වෙඩිප්‍රහාරයෙන් ඔහුට තුවාල සිදුව නොමැත. අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන එම පුද්ගලයා මොරටුව නගර සභාවේ සේවය කරන්නෙකු බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිප්‍රහාරය එල්ලවන්නට ඇති බවට පොලිසය සැකපළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානය විසින් මේ වනවිට කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.