පොලිස් ජීප් රථයකට සමාන රථයක්? බිහිසුණු අපරාධයක් දූෂණ මර්දන ප්‍රහාරක බලකායෙන් සොයාගනී
පොලිස් ජීප් රථයකට සමාන ලෙස සැකසූ වාහනයකින් පැමිණ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහාය වූ උපාය දූතයෙකු මරා දැමීමට තැත් කළ සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් ජීප් රථයක් කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව, කඩුවෙල, රාජසිංහ මාවත හේවාගම ප්‍රදේශයේ පිහිටි "ජනාගේ ගරාජය" නමින් ප්‍රසිද්ධ ගරාජය තුළ සඟවා තිබී මෙම ජීප් රථය 08 වන දින සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා එය කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. ඉකුත් 05 වන දින උදෑසන 6.00ට පමණ කිරින්ද වරායට ගමන් කරමින් සිටි මෙම උපාය දූතයා ඝාතනය කිරීමේ අරමුණින්, අපරාධකරුවන් පොලිස් ජීප් රථයකට සමාන කළ මෙම වාහනයෙන් පැමිණ ඔහු හප්පා තිබේ.
පෞද්ගලික අංශයේ සේවකයන්ට විශේෂ නිවේදනයක් - රාජ්‍ය අංශයට පමණක් ලැබුණු සහනයක් ඔක්තෝබර් 1 සිට පෞද්ගලික අංශයටත්
පොලිසිය පවසන්නේ එම අනතුරින් බරපතල තුවාල ලැබූ උපාය දූතයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, කිරින්ද හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ විසින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවයි. පොලිසිය සඳහන් කළේ ඉකුත් වසරේ නොවැම්බර් 29 වන දින කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක්, ඒවා රැගෙන පැමිණි සැකකරුවන් අටදෙනෙකු සහ ප්‍රවාහනයට සූදානම් කර තිබූ වාහන 06ක් අත්අඩංගුවට ගැනීමේ වැටලීම සඳහා මෙම පුද්ගලයා උපාය දූතයෙකු ලෙස කටයුතු කර තිබුණු බවයි.
එම මත්ද්‍රව්‍ය තොගය ‘අංගොඩ ප්‍රියංකර’ සහ විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘රූබන්’ නමැත්තා විසින් ලංකාවට එවා ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය අනාවරණය කරගත් තොරතුරු අනුව, අදාල මත්ද්‍රව්‍ය වැටලීමට උපාය දූතයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ වෛරය මත, මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පොලිස් ජීප් රථයක හැඩයට සැකසූ වාහනයකින් ගොස් අදාල තැනැත්තාව නිවෙසින් පැහැරගෙන ගොස් වෙඩි තබා, කඳින් වෙන් කළ හිස වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂවරයාගේ නිවෙස ඉදිරිපිට දමා යාමට සැලසුම් කර තිබී ඇතැයි වාර්තා වේ.
එලෙස සැකකරුවකු අත්අඩංගුවට ගෙන මාස 09කට පසු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම උපාය දූතයා ඉලක්ක කර ඉකුත් 05 වන දින මෙම අනතුර සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.