කොණ්ඩ රංජි දාගෙන හිටපු ඔක්කොම රත්‍රංවල ඇත්ත නැත්ත එළියට - සේවකයින් 11දෙනෙකු සහ ගෝල්ඩන් වීසා බලපත්‍රයකුත් හිමියි
ඩුබායි ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් 'කොණ්ඩ රංජි' නමැති සංවිධානාත්මක අපරාධකරු ඊයේ (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව සැකකරුගෙන් කළ මූලික ප්‍රශ්නකිරීම් වලින් පසු ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අතර, එහිදී පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබුණා.
රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' ඩුබායිහීදී පසුගිය මාර්තු 29 වැනි දින රාත්‍රි 7ට පමණ ඉරානය, ඩුබායි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර මිතුරන් තිදෙනෙකු වෙත යැවීම නිසා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වුවත් අඳාළ වීඩියෝ දර්ශන හුවමාරු කර පැය 2ක් ඇතුළත ඩුබායි ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන, ඔහු සතුව තිබූ පවුම් 17ක් බර රන් මාල 2ක්, ඩිරාම් 18,000ක මුදලක් හා ජංගම දුරකථනද ආරක්ෂක භාරයට ගෙන තිබුණා.
පසුව ඔහු ඊයේ අලුයම සාමාන්‍ය මගී ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර තිබෙනවා. එහෙත් ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමක් හෝ සිදුකර නොමැති බව සඳහන්.
කෙසේ වුවත් තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව 'කොණ්ඩ රංජි' මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.
එහිදී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු කියා ඇත්තේ, මීට පෙර අවස්ථාවකද ඩුබායි සිට ඉතාලිය බලායෑමට උත්සහ දැරීමේදී ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ නිකුත් කර ඇති රතු වරෙන්තුව මත තමාව අත්අඩංගුවට පත්වූ බවයි.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
එහිදී සතියක් පමණ ආරක්ෂක අංශ භාරයේ සිට, නඩු පවරා සිය ගුවන්ගමන් බලපත්‍රයද එරට ආරක්ෂක අංශ මඟින් ලබාගත් බව ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් එහිදී ඇප හිමිවීමෙන් පසු ඔහු සිය සගයන් පිරිසක් සමග සාදයක්ද පවත්වා තිබෙනවා.
එමෙන්ම 'කොණ්ඩ රංජි' එරටදී ජල බෝතල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඒ නිසා ඔහු ගෝල්ඩන් වීසා බලපත්‍රයක්ද ලබාගෙන ඇති බව සඳහන්. එසේම තමන් යටතේ සේවකයින් 11දෙනෙකු සේවය කළ බවත් සැකකරු කියා ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා කඳානේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබුණද, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
තවද තමන් ඩුබායිහිදී පැළඳ සිටි ආභරණ චීනයේ නිෂ්පාදිත ව්‍යාජ රත්‍රන් බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම මෙම සැකකරුට එරෙහිව හරක් හා එළුවන් සොරකම, යතුරුපැදි සොරකම, සූදු ක්‍රීඩා කිරීම හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් පවතින බැවින් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක බව සඳහන්.