අලුයම 4.45ට බස් අනතුරක් - පුද්ගලයන් 22 ක් රෝහල් ගත කරයි
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අද (10) අලුයම 4.45ට පමණයි.
ඒ අනුව බස් රථය පෙරළීමෙන් අනතුරට ලක්වූ 22දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය සඳහන් කරයි.
අඳාළ ස්ථානයේ අනතුරු බහුලව සිදුවන ස්ථානයක් වන අතර ඒ අසල තිබෙන ඇළ මාර්ගයට මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් වැටී තිබේ.