හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන විනාසේ - දරුණු සුළිකුණාටුවක්

Report

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) දින උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත්, නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගතව පැවතුණු බව සඳහන් කරයි.

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

එසේම මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වන බවත් සඳහන්.

අනතුරුව ලබන පැය 48 තුළදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත.

මේ නිසා උතුරු අක්ෂාංශ 05ත් 15ක් සහ නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල යළි දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම දැනටමත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ යළි දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.

හෙට හවස වෙනකම් මේ පැති වලට අනතුරක්

හෙට හවස වෙනකම් මේ පැති වලට අනතුරක්

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්