මහ වැස්සට දැදුරුඔයේ වාන් දොරටු හතරක් විවෘත කරයි - තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය නිකුත් කරන බව දන්වයි[UPDATE]
By Kaushi
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එමෙන්ම අද (01) දින පස්වරු 01.15 පමණ වනවිට රාජංගනය ජලාශයේ වාන්දොරු 8ක් ද විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
ඔවුන් සඳහන් කරන්නේ එමඟින් ඝන අඩි 8,113ක ජලය මුදාහැරෙන බවයි.