TikTok සහ Telegram ගැන තවත් තීරණයක්..

By krishani Aug 21, 2023 11:52 AM GMT
Report

සෝමාලියාව විසින් Tiktok, Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල‍ය තහනම් කිරිමට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බව එරට රජය සඳහන් කළේ ය.

ඒ අනුව මෙම තහනම, අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අගෝස්තු 24 වනදා වන විට තහනම් කළ යුතු වේ.

කෙසේ වෙතත්, එසේ නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දිය යුතු බව එරට සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.