කොපි කළ හැක සම කළ නොහැක ලෝකයක් ඉදිරියේ ජනපති කළ කතාව කොපියක් බව කියන දයාසිරි
පසුගියදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා මණ්ඩල සැසි අමතමින් සිදු කළ කතාව පිළිබඳව විවිධ විවේචන වගේම ප්‍රශංසාද එල්ල වෙමින් පවතින අතර ඒ අනුව ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතමින් සිදුකළ කතාවේ ඇතැම් කොටස් මීට පෙර ප්‍රකාශ කර තිබුණු කරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ප්යසේකර පවසනවා.
ඒ අනුව, දූෂණයට එරෙහි සටන භයානක බවත්, දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බවත් යනුවෙන් ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය මීට පෙර රුවන්ඩා ජනාධිපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශයක් බවයි ඔහු පවසන්නේ.
එහෙත් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ බවට සඳහන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ප්යසේකර වැඩිදුරටත් පවසා සිටි අතර, ‘කොපි කළ හැක, සම කළ නොහැක’ ලෙස අවසානයේ පවසා සිටියා. මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය පහතින් නරඹන්න.