තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Report

තිස්සමහාරාම පොලිස් වසමේ මුතියම්මාගම ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ ගල්කටස් ගිණි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය.

ඝාතනය කර ඇත්තේ තිස්සමහාරාම මුතියම්මාගම අංක 1223 ලිපිනයේ පදිංචිව සිටි හේවා කොඩිතුවක්කුගේ ප්‍රියන්ත නමැති අයෙකි. ඔහු තමාට අයත් මුතියම්මාගම පාසැල අසල පිහිටි ගරාජයේ රැඳී සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇතැයිද පොලිසිය පැවසීය.

"දැන් හාල්මැස්සෝ නෙවෙයි, තෝරු මෝරු අහුවෙන කාලය" - ජගත් මනුවර්ණ

"දැන් හාල්මැස්සෝ නෙවෙයි, තෝරු මෝරු අහුවෙන කාලය" - ජගත් මනුවර්ණ

සැකකරු ඝාතනය වූ පුද්ගලයාගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව මරණකරු සහ සැකකරු අතර බහින් බස් වීමක් සිදුවී ඇතැයිද ඉන්පසු වෙඩි තැබීම සිදුකර ඇතැයිද පොලිසිය කීවේය.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පක්ෂ දෙකක ලොක්කො දෙන්නෙක් මහින්ද හමුවේ,පැය 2ක කතාවක්

පක්ෂ දෙකක ලොක්කො දෙන්නෙක් මහින්ද හමුවේ,පැය 2ක කතාවක්