රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ බරපතළ චෝදනාව නිසා කථානායක ධූරයෙන් ඉවත් විය යුතුයි - දයාසිරි හදිස්සි කරයි
කථානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග වී අවසන් කරන තුරු කථානායකතුමාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුරුවල ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවත් මේ පිළිබඳව අවධානය යොමු කරන මෙන් ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ අද(05) දින පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ කථානායකතුමාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලට අඳාළ කාරණයක් සම්බන්ධයෙන් තමා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අද පෙරවරුවේ උත්සාහ ගත්තද ඊට කථානායකවරයා ඉඩ ලබා නොදුන් බවයි.
පාර්ලිමේන්තුව උණුසුම් කරමින් රෝහණගේ මරණ බිය උඩු දුවයි - මට ආරක්ෂාව දෙනවද නැද්ද කථානායක එක්කත් මල පනී
එමෙන්ම කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල හැන්සාඩ් ගත කිරීමෙන් සහ සභාගත කිරීමෙන් පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම පැමිණිල්ලට අඳාළ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු කථානායකතුමාත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාත් එම ධූරවල කටයුතු කිරීම සුදුසු නොවන බවයි.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් වන ලෙසට සදාචාරාත්මකව තමා ඉල්ලීමක් කරන බවද ඔහු පැවසුවා.
අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන ලද අඳාළ පැමිණිල්ලෙන් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් එල්ල වී ඇති බැවින් කථානායකවරයා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවත් විපක්ෂය ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණ අවසන් වන තුරු කථානායක ධූරයෙන් ඉවත් වන ලෙසත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
එමෙන්ම මෙරට ඉතිහාසයේ සිටි කිසිදු කථානායකවරයෙකුට මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් කිසිම චෝදනාවක් එල්ල කර නොමැති බවත් එනිසා මේ බරපතළ චෝදනා විමර්ශනය කරනතුරු කථානායකවරයාත් පෞද්ගලික ලේකම්වරයාත් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවද දයාසිරි ජයසේකර මහතා වැරදුරටත් කියා සිටියා.