'' දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා '' මරික්කාර් පාර්ලිමේන්තුව උණුසුම් කරයි
මහ දවල් සිදුවන ගල් අගුරු වංචා ගැන ජනාධිපතිට පේන්නේ නැහැ . පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ගල් අගුරු වංචාව පිළිබද අදහස් දකවන ලදි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු ගැන එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
'' මේ ඉන්න ජීවීපී අයත් 2004 මහින්ද රාජපක්ෂ බලයට පත් කරන්න රාජපක්ෂ පරම්පරාවට මේ රට ලියලා දෙන්න දායක වෙච්ච කට්ටිය මේ ගොල්ලො තමයි. මේ ගොල්ලො තමයි ගෙනාවෙ ඒ ආණ්ඩුවල ඇමතිකම් දරාගන චන්ද්‍රිකා මැතිනියත් එක්ක ඇමැතිකම් දරාගන ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ එක්කත් එකතුවෙලා ඉදලා අපිටත් උදව් කළා. 2015 හංසයට උදව් කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න. දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා. ''
ගල් අගුරු වංචාව ගැන සදහන් කළේ මෙවන් අදහසක්
''ජනාධිපති තුමා රුපියලක්වත් හොරකම් කරන් නෑලු හැබැයි මහ දවල් වෙන වංචා පේන්නේ නැහැ. ගල් අගුරු වංචාවත් එහෙමයි අපි එළි කරනවා වගේ වගක් නැහැ. ලංකා ගල් අගුරු සමාගමට ටෙන්ඩරයක් දාන්න දින 42 ක් ගත වෙනවා .නමුත් මේ අය මේ ටෙන්ඩර් දානකොටම දින 21 අඩු කළා. දූෂිතයන්ට මේකට එන්න පාර කැපුවා. මේ සමස්ත ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ සභාපතිතුමා ඉන්නැද්දි. පළවෙනි නැවත් ෆේල් ,දෙවනි නැවත් ෆේල් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කර ගන්න බැහැ.ඒ වගේම අදටත් 2 වෙනි නැවේ වාර්තාව අතුරුදහන්.මේ ගැන කැබිනට් එකේ කතා කරන්න. අවධානය යොමු කරන්න ''