පාර්ලිමේන්තුව උණුසුම් කරමින් රෝහණගේ මරණ බිය උඩු දුවයි - මට ආරක්ෂාව දෙනවද නැද්ද කථානායක එක්කත් මල පනී
සමගි ජන බල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයකින් අද(05) දින පෙරවරුවේ පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.
ඒ අනුව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් ප්‍රකාශ කළේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.
ඔහු සඳහන් කළේ, "කථානායකතුමනි, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට ආරක්ෂාව තාම සලසලා නෑ. පොලිසියෙනුත් කියල තියෙන ඔහුට ආරක්ෂාව ලබාදෙන්න කියල. දැන් ඒක වෙනත් පැත්තකට පෙරළන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක අසාධාරණයි. වහාම මේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සලසන්න"
නාමල්ව එක් කරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ පොඩි ආතල් එකක් අරන් තිබ්බනේ ලැජ්ජ නැද්ද ඕගොල්ලන්ට කෑමද කන්නේ බත් ද කන්නේ? - අර්ච්චුනාට මල පනී
එහිදී ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ,
"පොලිස් වාර්තාවෙන් කියලා තියෙන්නේ පක්ෂයේ අභ්‍යන්තරයෙන්ම මේ තර්ජනය එල්ල වෙලා කියලා. ඒක නිසා ඒ ගැනත් පොලිසිය භාර ඇමතිතුමා අවධානය යොමු කරලා කටයුතු කරාවි." යනුවෙන්.
මේ අතර මෙහිදී නැගී සිටි එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මේ තත්ත්වය ගැන සොයා බලා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීමට වහාම කථානායකවරයා මැදිහත් විය යුතු බවයි.
කෙසේ වෙතත් මෙහිදී රෝහණ බණ්ඩාර මහතා විසින් කථානායකවරයාගෙන් සෘජුවම විමසා සිටියේ තමාට තර්ජනයක් තිබෙන බව මුලින්ම පොලිසිය දැනුම් දුන් විට කැබිනට් අනුමැතියක් අනුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව මුලින්ම පොලිසිය පැවසුවද පසුව දැන් වෙනත් කතාවක් ප්‍රකාශ කර එම තත්ත්වය මගහැරීමට කටයුතු කරන බවයි.
එබැවින් තමාට ආරක්ෂාව සලසනවාද ?නැද්ද? යනුවෙන් ඔහු විමසා සිටියා.
එහිදී ජගත් වික්‍රමරත්න කථානායකවරයා කියා සිටියේ පොලිසියෙන් ලැබුණු අවසන් වාර්තාව පදනම් කරගෙන වැඩ කටයුතු කරන බවයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.