මෝඛා දරුණු වී ජිවිත 05ක් රැගෙන යයි - හදිසි ප්‍රතිචාර සඳහාත් සූදානමක්..

Myanmar Weather
By krishani May 15, 2023 04:15 AM GMT
krishani

krishani

Report

Mocha සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයට ළඟාවීමෙන් පසු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් තවමත් එම ප්‍රදේශවලට බලපා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම සුළි කුණාටුවෙන් සරණාගත කඳවුරක් වන කොක්ස් බසාර්හි ඉදිකර තිබූ තාවකාලික නවාතැන් සිය ගණනක් විනාශ වී ඇති බවයි.

මේ අතර, මියන්මාරයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර බංගලිදේශයේ මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.

බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති ඇති අතර හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වෙමින් සිටින බව මියන්මාර රතු කුරුස සමාජය පවසයි.

කෙසේවෙතත්, කුණාටුවට පෙර බංග්ලාදේශයේ බලධාරීන් එරට වැසියන් 750,000ක් පමණ ඉවත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join