මෙරට වත්මන් ආරක්ෂාවට මොකද වුණේ?. ජනපති කළ දැනුවත් කිරිම..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස හමු වී තිබෙනවා.

ඒ අද (25) ජනාධිපති කාර්යාලයේ දී ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇත.

එමෙන්ම, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කර ඇත.

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..


විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එමෙන්ම, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරයි.

සහල් මිල ගැටලුව ගැන.. ජනපති වහා නිළධාරීන්ට කීව දෙය මෙන්න..(PHOTO)

සහල් මිල ගැටලුව ගැන.. ජනපති වහා නිළධාරීන්ට කීව දෙය මෙන්න..(PHOTO)


මේ අතර, ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුම්වත් කර තිබෙනවා.