ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්
ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මහජනතාවගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
තමන් පදිංචි ප්‍රදේශවලදී ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී පහත සඳහන් අසාධාරණකම් හෝ අක්‍රමිකතා සිදුවන්නේ නම්, ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්
ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කිරීම, ගෑස් සඟවා තැබීම (කෘත්‍රිම හිඟයක් ඇති කිරීම), විකිණීම ප්‍රතික්ෂේප කිරීම, නියමිත මිලට වඩා වැඩි මිලකට විකිණීම හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සිදු වේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා අදාළ දුරකථන අංකය භාවිතා කරන්න.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) ළඟම පිහිටි දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දෙන්න, නැතහොත් පාරිභෝගික පැමිණිලි සඳහා වන ක්ෂණික ඇමතුම් අංකය වන '1977' ඔස්සේ පැමිණිලි ලියාපදිංචි කරන්න.
ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්
"පාරිභෝගික අයිතීන් සුරකිමු! සාධාරණ මිලකට ගෑස් ලබා ගනිමු!" පාරිභෝගික අයිතීන් සුරැකීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.