ලිට්රෝ ගෑස් හංගයි - ජනතාව රවටමින් සිලින්ඩර් තොගයටම වැඩේ දෙයි

Report

මහනුවර ප්‍රදේශයේ වෙළෙන්දෙකු, විකිණීම සඳහා ගෑස් සිලින්ඩර තොගයක් සතුව තිබියදීත්, තමා සතුව ගෑස් සිලින්ඩර නොමැති බව පවසමින් පාරිභෝගිකයින්ට ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට දඩ මුදලක් නියම කර තිබේ. තවද, මෙම වැටලීමේදී සොයා ගන්නා ලද කිලෝග්‍රෑම් 12.5 බැගින් බරැති 'ලිට්‍රෝ' (Litro) ගෑස් සිලින්ඩර 28ම රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පදනම්ව, පාරිභෝගික කටයුතු අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම විශේෂ මෙහෙයුම සිදු කරන ලදී. මෙම මෙහෙයුම අතරතුර, විමර්ශන නිලධාරියෙකු පාරිභෝගිකයෙකු ලෙස පෙනී සිටිමින් කිලෝග්‍රෑම් 12.5ක 'ලිට්‍රෝ' ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට උත්සාහ කළේය. එම අවස්ථාවේදී, තමා සතුව ගෑස් සිලින්ඩර නොමැති බව පවසමින් වෙළෙන්දා එය විකිණීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, පසුව එම ස්ථානය පරීක්ෂා කිරීමේදී, සඟවා තබා තිබූ කිලෝග්‍රෑම් 12.5 බැගින් බරැති 'ලිට්‍රෝ' ගෑස් සිලින්ඩර 28ක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් භාවිතා කරන්නට සුභ ආරංචියක් - මඟ බලපු ලාෆ්ස් ගෑස් ලැබෙන දිනේ මෙන්න - ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ඒ අනුව, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගෑස් සිලින්ඩර තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගත් අතර, අදාළ වෙළෙන්දාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී.

නඩුව විභාග කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෙළෙන්දාට දඩ මුදලක් නියම කළ අතර, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන ලද ගෑස් සිලින්ඩර 28ම රාජසන්තක කිරීමට නියෝග කළේය.

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 16(අ) වගන්තිය යටතේ, වෙළඳාම සඳහා භාණ්ඩ තමා සතුව, භාරයේ හෝ පාලනයේ තිබියදී, එම භාණ්ඩ තමා සතුව නොමැති බව පාරිභෝගිකයින්ට පැවසීම නීති විරෝධී ක්‍රියාවකි.

පාරිභෝගිකයින්ට අපහසුතා ඇති කරන ආකාරයට භාණ්ඩ සඟවා තැබීම, භාණ්ඩ තොග වශයෙන් තිබියදීත් ඒවා නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ වෙනත් අසාධාරණ වෙළඳ පිළිවෙත් වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.