ප්‍රදේශ රැසකට නායයෑමේ අවදානමක් - අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

Report

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (03) පස්වරු 4.00 සිට හෙට (04) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කරයි.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - ඇඟවීම (ඇම්බර්)

මෙම මට්ටම යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර සහ උඩදුම්බර, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ගොඩකවෙල යන ප්‍රදේශ ද ඊට ඇතුළත් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - නාරාහේන්පිටින් එක්දින සේවාවලට එන්න කලින් මේ දේ අනිවාර්යයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - නාරාහේන්පිටින් එක්දින සේවාවලට එන්න කලින් මේ දේ අනිවාර්යයි

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - අවධානයෙන් සිටින්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, මීගහකිවුල, පස්සර සහ කන්දකැටිය යන ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, තුම්පනේ, මැදදුම්බර, යටිනුවර, මිනිපේ සහ හතරලියද්ද යන ප්‍රදේශ ද ඊට ඇතුළත්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, රුවන්වැල්ල, රඹුක්කන, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ කෑගල්ල යන ප්‍රදේශ සඳහා ද මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ ඉබ්බාගමුව, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල යන ප්‍රදේශ ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් යටතේ නම් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, අඹගමුව, හඟුරන්කෙත, වලපනේ සහ නොර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, නායයෑම් ලක්ෂණ දක්නට ලැබුණහොත් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

''මිරිස්කුඩු සම්ප්‍රදාය මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ අරගෙන ආවා'' - සුනිල් වටගලගෙන් සැර කතාවක්

''මිරිස්කුඩු සම්ප්‍රදාය මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ අරගෙන ආවා'' - සුනිල් වටගලගෙන් සැර කතාවක්