ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Report

ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 නොවැම්බර් 03 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

විශේෂයෙන් උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

දිස්ත්‍රික්ක 17ක් සඳහා අද පස්වරු 1.00 සිට බලපැවැත්වෙන පරිදි දැඩි අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 17ක් සඳහා අද පස්වරු 1.00 සිට බලපැවැත්වෙන පරිදි දැඩි අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Gallery